වැදගත් සිදුවීම්

නාවික හමුදාව වෙත බඳවා ගත් ශිෂ්‍යභට නිලධාරීන් 59 ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 68 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ බඳවාගත් ශිෂ්‍යභට නිලධාරීන් පනස් හය දෙනෙකු (56) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළු ශිෂ්‍යභට නිලධාරීන් පනස් නව දෙනෙකු (59) වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද (2025 අගෝස්තු 12) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

12 Aug 2025

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නිල හමුවක් සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්, ගරු ඩෙවිඩ් පයින් (David Pine) මහතා නිල හමුවක් සඳහා අද (2025 අගෝස්තු 12) දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරනු ලබන, ජාතික ජල ශාස්ත්‍රඥ හා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය හමුවිය.

12 Aug 2025