වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා - ඉන්දියා ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX -25) කොළඹදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයේ (SLINEX - 25) සමාරම්භය, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් Dr. Satyanjal Pandey මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ සහභාගීත්වයෙන්, අද (2025 අගෝස්තු 14) කොළඹ වරාය පරිශ්‍රයේ, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේදී සිදුකෙරිණි.

14 Aug 2025

SLINEX - 25 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ‘INS Jyoti’ සහ ‘INS Rana’ නෞකා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX – 25) සඳහා සහභාගී වීම සඳහා, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Jyoti’ සහ ‘INS Rana’ නෞකා, අද (2025 අගෝස්තු 14) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

14 Aug 2025

නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕලුකරඳ ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2025 අගෝස්තු මස 13 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

14 Aug 2025

ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිමල් රණසිංහ වැඩ භාර ගනියි

ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් නිමල් රණසිංහ 2025 අගෝස්තු මස 13 වැනි දින ගිනිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

14 Aug 2025

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහ නික්ම යන ආරක්‍ෂක උපදේශකයින් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කර ධූර කාලය නිමා කරනු ලබන Colonel Darren Woods සහ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීමට නියමිත Colonel Keith Miles නිල හමුවක් සඳහා 2025 අගෝස්තු මස 13 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

14 Aug 2025

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපතිනි නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපති Dewi Gustina Tobing මහත්මිය 2025 අගෝස්තු මස 13 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

14 Aug 2025