වැදගත් සිදුවීම්

උතරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනියි

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ 2025 අගෝස්තු මස 22 වැනි දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

23 Aug 2025

නාවික හමුදාව පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක් සාර්ථකව පවත්වයි

අම්පාර, පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ සිසුදරුවන්ගේ මානසික සුවතාවය ඉහල නැංවීම වෙනුවෙන් සංවිධානය කළ මනෝවිද්‍යාත්මක උපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්, 2025 අගෝස්තු මස 21 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතන ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

23 Aug 2025

නාවික හමුදාව ‍ත්‍රීකුණාමලයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය නගර සිංහ සමාජය හා එක්ව, බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් 2025 අගෝස්තු මස 20 වැනි දින ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

23 Aug 2025