නාවික හමුදාව විසින් ප්‍රවාහන සහයක නාවිකයන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආරම්භකරන ලද වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක්, “රථවාහන ධාවන යෝග්‍යතාවය හා අනතුරු වැළැක්වීම” යන තේමාව යටතේ, 2025 අගෝස්තු මස 23 වැනි දින ශ්‍රී ලංකා පොලීසියේ සම්පත් දායකත්වයෙන්, වැලිසර නාවික රියදුරු පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.