වැදගත් සිදුවීම්
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 අගෝස්තු 27) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.
27 Aug 2025
ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කළ වෘත්තීය සංවර්ධන වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී
ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය, Hemas Pharmaceuticals (Pvt) Ltd සහ Vision 8 Academy හා එක්ව, ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය විශිෂ්ඨත්වය වෙනුවෙන් සංවිධානය කළ, සුවතාවය හා වෘත්තීය සංවර්ධනය පිලිබඳ එක්දින වැඩමුළුවක්, 2025 අගෝස්තු මස 21 වැනි දින නාවික හමුදා මුලස්ථානයේ ‘අද්මිරාල් සෝමතිලක දිසානායක’ ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
27 Aug 2025
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පොල්පිතිගමදී ජනතා අයිතියට
නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, නාවික හමුදා සාමාජ සත්කාරක වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්පිතිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පළුගොල්ල, අඹගස්වැව ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, 2025 අගෝස්තු මස 24 වැනි දින සිදු කෙරිණි.
27 Aug 2025
නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කල, විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් 2025 අගෝස්තු මස 21 වැනි දින සිට 25 වැනි දින දක්වා යාපනය දිස්ත්‍රීක්කය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්විණි.
27 Aug 2025


