වැදගත් සිදුවීම්
නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 06 සාර්ථකව අවසන් වේ
බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ අංක 06 පාඨමාලාවේ (EOD Qualifying Course) නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රදානය, 2025 අගෝස්තු මස 27 වැනි දින ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් නිශාන්ත රණවීර ගේ ප්‍රධානත්වයෙන් මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේදී සිදුකෙරිණි.
29 Aug 2025
‘USS TULSA’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව, අද (2025 අගෝස්තු 29) දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකුලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
29 Aug 2025
නාවික හමුදාවෙන් 1123 වෙනි ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු පද්ධතිය ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රීක්කයේ නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 303 - කරඹෑව ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, 2025 අගෝස්තු මස 26 වැනි දින සිදුකෙරිණි.
29 Aug 2025


