වැදගත් සිදුවීම්

ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත, මේජර් ජෙනරල් Pawanpal Singh ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් 2025 සැප්තැම්බර් මස 01 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

02 Sep 2025

ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක

අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

02 Sep 2025