වැදගත් සිදුවීම්

ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික හමුදා පුද්ගලයින් 37ක් වෙත නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් ලාංඡන පැළඳවයි

නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ විසිනව වැනි (29) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයන් තිස්හතර දෙනෙකු (34) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය, 2025 සැප්තැම්බර් මස 06 වැනි දින පුත්තලම, ග‍ඟේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ අණදෙන නිලධාරී කපිතාන් සුදේෂ් චින්තක හා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි.

07 Sep 2025