වැදගත් සිදුවීම්

‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සඳහා නාවික හමුදා දායකත්වය

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ යන තේමාව පෙරදැරිව, කලා වැව් පිටියේ ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කර, වන අලින්ගේ ආහාර අවශ්‍යතාවය සඳහා තණකොළ වැවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන්, කලාගම හා බලලුවැව ආශ්‍රිතව 2025 සැප්තැම්බර් මස 05 සිට 07 දින දක්වා සිදුකෙරුණු, කලා වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වය ලබාදීම සිදුකෙරිණි.

11 Sep 2025

ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීම සඳහා නාවික හමුදාව සහ යාපනයේ ධිවර ප්‍රජාව පෙරමුණ ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු පළාතේ ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

11 Sep 2025

Pacific Angel – 2025 අභ්‍යාසය සඳහා නාවික හමුදාව එක්වෙයි

කලාපීය ආරක්‍ෂක සහයෝගීතාවයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව; එක්සත් ජනපද පැසිෆික් බලකාය, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව, ජපාන ස්වයං ආරක්‍ෂක ගුවන් බලකාය, මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය, බංග්ලාදේශ ගුවන් හමුදාව, ඉන්දියානු ගුවන් හමුදාව සමඟ එක්ව සිදුකරනු ලබන Pacific Angel – 2025 අභ්‍යාසයට සමඟාමීව, මාරවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති විවෘත මුහුදේ සෙවීම සහ ගලවා ගැනීමේ අභ්‍යාසය (Search and Rescue Open Water Operation) සඳහා 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව එක්විය.

11 Sep 2025