වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 306ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු (273) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් තිස්තුන් දෙනෙකු (33) ඇතුළුව, ආධුනික නාවිකයින් තුන්සිය හය දෙනෙකු (306) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් ලක්‍ෂ්මන් අමරසිංහ ගේ ආරාධනයෙන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

14 Sep 2025