වැදගත් සිදුවීම්
ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය 2025 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නාවික හමුදා මූලස්ථානයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 12 වැනි වරටත් සංවිධානය කරනු ලබන, ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව යටතේ, 2025 සැප්තැම්බර් මස 24 සහ 25 යන දෙදින වැලිසර ‘Wave n’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (2025 සැප්තැම්බර් 15) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
15 Sep 2025
හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වීරත්වයේ උරුමකරුවන්ට නාවික හමුදාධිපතිගෙන් උපහාර
නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
15 Sep 2025


