වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඟින් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන ‍02ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් මාතලේ දිස්ත්‍රීක්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විල්ගමුව ප්‍රාදේශීය සභාව තුල සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔයාමඩුව ශ්‍රී සම්බුද්ධ මෛත්‍රී විහාරය තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) 2025 සැප්තැම්බර් මස 20 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

01 Oct 2025