ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වුණු අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය අද (2025 ඔක්තෝබර් 02) වැලිසර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරාගේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් අනුර කරුණාරත්නගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහභාගී විය.