වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් ජගත් කුමාර, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

04 Oct 2025

නෞකා ආරක්‍ෂක කණ්ඩායම් වෙනුවෙන් පහසුකම් සැපයීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව ගිවිසුම්ගත වෙයි

නෞකා ආරක්‍ෂක කණ්ඩායම් (Onboard Security Team - OBST) වෙනුවෙන් ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවි ගබඩා තුල ගබඩා කිරීම සහ එකී ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග මෙහෙයුම් අවශ්‍යතා අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්‍ෂණය හා ආරක්‍ෂාව යටතේ විදේශීය පෞද්ගලික ආරක්‍ෂක සමාගම් වල දේශීය නියෝජිතයන් විසින් සපයනු ලබන වාහන හෝ යාත්‍රා උපයෝගී කර ගනිමින් ප්‍රවාහනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සිදුකරනු ලබන විදේශීය සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් දෙකක (02) දේශීය නියෝජිතයෙක්‍ හා ගිවිසුම්ගත වීම, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින කොළඹ, නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

04 Oct 2025