වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරයට සමඟාමීව ත්‍රිවිද හමුදා වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් මන්නාරම පේසාලේදී
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන්, ඔක්තෝබර් මස 05 සිට දෙසැම්බර් 26 දක්වා කාල සීමාව තුල විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති අතර, එම වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදා වෛද්‍ය හා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තු හා එක්ව සංවිධානය කළ, විශේෂ ජංගම වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් අද (2025 ඔක්තෝබර් 05) මන්නාරම පේසාලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
05 Oct 2025
‘USS FITZGERALD’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් දිවයිනට පැමිණි, ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව, 2025 ඔක්තෝබර් මස 04 වැනි දින දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකුලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
05 Oct 2025


