වැදගත් සිදුවීම්
‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය වෙත නිර්මාණ ඉදිරිපත් කල ජයග්‍රාහකයින් නාවික හමුදාධිපතිගේ ඇගයීමට
 
           නාවික හමුදා මාධ්‍ය අධ්යක්ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය වෙත නිර්මාණාත්මක පද්‍ය, සිතුවම් සහ ඡායාරූප ඉදිරිපත් කර ජයග්රහන හිමිකරගත් නාවික හමුදා පුද්ගලයන් සහ නාවික පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පිරිනමනු ලබන ත්‍යාග සඳහා තේරීපත්වූ නිර්මාණ ඉදිරිපත් කල ජයග්‍රාහකයන්ගේ දක්ෂතා අගයමින් ඔවුන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් මූල්‍ය ත්‍යාග පිරිනැමීම, අද (2025 ඔක්තෝබර් 08) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
08 Oct 2025
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමතයි
 
           ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (ඔක්තෝබර් 07) දින කොළඹ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
08 Oct 2025
සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීමට හා නීති විරෝධී ධිවර කටයුතු මැඩලීමට ශක්තිමත් ඒකාබද්ධ වැඩසටහනක් සඳහා නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ වයඹ පලාතේ ධිවර ප්‍රජාව එක්වෙයි
 
           නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන අහිතකර බලපෑම සහ මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් පිළිබඳව වයඹ පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, වයඹ නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සහ පළාතේ පරිසරවේදීන්, නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ සහ වයඹ පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2025 ඔක්තෝබර් මස 02 වැනි දින වයඹ නාවික විධාන මූලස්ථානයේදී පැවැත්විණි.
08 Oct 2025
සමුද්‍රීය සහ වෙරළාශ්‍රිත ගැටළු සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් වෙනුවෙන් නාවික හමුදාව පෙරමුණ ගනියි
 
           නැගෙනහිර පළාත ආශ්‍රීතව සමුද්‍රීය හා වෙරළ ආශ්‍රිතව පවත්නා ගැටළු සඳහා ඒකාබද්ධ ප්රවේශයකින් විසදුම් සෙවීමට අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ විශේෂ සාකච්ඡාවක්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සහ නැගෙනහිර පළාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තෝබර් මස 02 වැනි දින, ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේදී සාර්ථකව පැවැත්විණි.
08 Oct 2025


