වැදගත් සිදුවීම්

TECHNO 2025 හිදී ප්‍රදර්ශනය කළ නාවික හමුදා ඉංජිනේරු නවෝත්පාදන විශිෂ්ඨත්වය

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරන ලද TECHNO 2025, ඉංජිනේරු සහ තාක්‍ෂණ ප්‍රදර්ශනය 2025 ඔක්තෝබර් 10 සිට 12 දින දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු නවෝත්පාදන විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කෙරිණි.

13 Oct 2025

පාකිස්ථානයේ ජාතික ගුවන් විදුලි හා විදුලි සංදේශ සංස්ථාවේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

පාකිස්ථානයේ ජාතික ගුවන් විදුලි හා විදුලි සංදේශ සංස්ථාවේ (National Radio and Telecommunication Corporation - NRTC) නියෝජිත පිරිසක් අද (2025 ඔක්තෝබර් 09) නාවික හමුදා මුලස්ථානයේදී විශේෂ හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

13 Oct 2025

“සමුද්‍රීය සංග්‍රාම” පිළිබඳ විශේෂ දේශනයක් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා (විශ්‍රාමික) විසින් නැගෙනහිර නාවික විධානයේදී පවත්වයි

නාවික හමුදා දියත් විධානයේ, නැගෙනහිර නාවික විධානයේ සහ පුහුණුවන නිලධාරීන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරාගේ අධීක්‍ෂණයෙන්, ‍2025 ඔක්තෝබර් මස 04 සහ 05 දෙදින විශේෂ වැඩසටහනක්, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්වුණු අතර, එහි ආරාධිත දේශනය අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා (විශ්‍රාමික) විසින් “සමුද්‍රීය සංග්‍රාම” (Littoral Warfare) යන තේමාව යටතේ සිදුකෙරිණි.

13 Oct 2025