වැදගත් සිදුවීම්

තබ්බෝව අභයභූමිය ආශ්‍රිතව ‘අලි සුපෝෂණ කලාපයක්’ ස්ථාපනය කිරීමේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සඳහා නාවික හමුදා දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ, පුත්තලම දිස්ත්‍රීක්කයේ තබ්බෝව අභයභූමිය ආශ්‍රීතව ‘අලි සුපෝෂණ කලාපයක්’ ස්ථාපනය කිරීම වෙනුවෙන්, එම වැව් පිටිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් 2025 ඔක්තෝබර් මස 10 සිට 12 දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය ලබාදීම සිදුකෙරිණි.

14 Oct 2025

2025 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දියත් විධානය විසින් හිමි කර ගනියි

නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය, 2025 ඔක්තෝබර් මස 10 සහ 11 දෙදින ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේදී, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූනු අතර, එහිදී දියත් විධානය 2025 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

14 Oct 2025

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය අවධාරණය කරයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2025 ඔක්තෝබර් මස 11 සහ 12 දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයට අයත් නිලධාරීන් සහ නාවිකයින් අමතා, නාවික හමුදවේ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳව අවධාරණය කිරීම සිදුකෙරිණි.

14 Oct 2025