වැදගත් සිදුවීම්
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් AKEBONO නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 ඔක්තෝබර් 28) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
28 Oct 2025
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් වව්නියාවේදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව/ ගාමිණී ජාතික පාසැල් භූමියේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 ඔක්තෝබර් මස 27 වැනි දින සිදුකෙරිණි.
28 Oct 2025
පාරිසරික තිරසාරත්වය අගයමින් උතුරු නාවික විධානය ජනාධිපති පරිසර රිදී සම්මානයෙන් පිදුම් ලබයි
11 වැනි ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2025, මධ්‍යම පරිසර අධිකාරියේ සංවිධායකත්වයෙන්, 2025 ඔක්තෝබර් මස 23 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මණ්ත්‍රන ශාලාවේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී පරිසර හිතකාමී රාජ්‍ය ආයතන අංශයෙන් ජනාධිපති රිදී සම්මානය උතුරු නාවික විධානය වෙත ප්රදානය කිරීම සිදු කෙරිණි.
28 Oct 2025
රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික තාක්ෂණික ආයතනයේදී
NAVSTRAT-2030 උපායමාර්ගික සැලැස්මට අනුකූලව ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්, ‘Developing Capabilities of CBRN First Response,” යන තේමාව යටතේ 2025 ඔක්තෝබර් මස 22 වැනි දින සිට 23 වැනි දින දක්වා නාවික තාක්ෂණික ආයතනයේදී සාර්ථකව පැවැත් වීමට නාවික හමුදා ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින්, කටයුතු කෙරිණි.
28 Oct 2025
තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාවේ දායකත්වයෙන් සාර්ථකව පවත්වයි
තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ නාවික හමුදා බෞද්ධ සංගමයේ බැති බර දායකත්වයෙන් 2025 ඔක්තෝබර් මස 25 සහ 26 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.
28 Oct 2025
මැලේසියානු වෙරළාරක්ෂක බලකායට අයත් ‘KM BENDAHARA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා ගැනීමේ සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
මැලේසියානු වෙරළාරක්ෂක බලකායට අයත් ‘KM BENDAHARA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 ඔක්තෝබර් 27) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.
28 Oct 2025


