වැදගත් සිදුවීම්

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ‘PNS SAIF’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2025 නොවැම්බර් මස 18 වැනි දින දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ යුද නෞකාව, අද (2025 නොවැම්බර් 19) උදෑසන දිවයිනෙන් පිටත් වූ අතර, එම නෞකාව වෙත ශ්‍රිලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි

19 Nov 2025

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා (2025 නොවැම්බර් 18) වන දින උදෑසන දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

19 Nov 2025