වැදගත් සිදුවීම්

ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ, හලාවත අත්තනගොඩ විද්‍යාලය, හංවැල්ල පහත්ගම රෝමාණු කතෝලික විද්‍යාලය, කඩුවෙල අභිනවාරාමය සහ කඩුවෙල බස් නැවතුම්පොල පිරිසිදු කිරීම, වියලි ආහාර ඇසිරීම සඳහා මහනුවර හා තලාතුඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත සහය වීම, නාත්තන්ඩිය ප්‍රදේශයේ පානීය ජල ලිං පිරිසිදු කිරීම ඇතුළු මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව අද දිනයේ (2025 දෙසැම්බර් 03) දායක විය.

03 Dec 2025

ගංවතුරෙන් ආපදාවට පත් ජල පවිත්‍රාගාරයන්ගේ දිය ය‍ට නඩත්තු කටයුතු සඳහා නාවික හමුදා කිමිදුම් සහය

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ ඌව පළාත් ජලසම්පාදන මණ්ඩලයට අයත් මහියංගනය ජල පවිත්‍රාගාරයේ සහ මධ්‍යම පළාත් ජල සම්පාදන මණ්ඩලයට අයත් පේරාදෙණිය ගැටඹේ ජල පවිත්‍රාගාරයේ ගංවතුරෙන් ආපදාවට පත්ව අක්‍රීය වී ඇති ජල පොම්ප අළුත්වැඩියාව සහ නඩත්තු කටයුතු වෙනුවෙන්, කිමිදුම් සහය ලබා දීම නාවික හමුදාව විසින් සිදුකෙරිණි.

03 Dec 2025

දිවයිනට පැමිණි පාකිස්තානු නාවික හමුදාවේ PNS SAIF යුද නෞකා වෙතින් අයහපත් කාලගුණික තත්වයෙන් ආපදාවට පත් ජනතාව වෙත මානුෂීය ආධාර

පසුගියදා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය වෙනුවෙන් දිවයිනට පැමිණි පකිස්තානු නාවික හමුදාවේ PNS SAIF යුද නෞකාව වෙතින් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර තොගයක් ලබා දීම 2025 නොවැම්බර් මස 28 වැනි දින සිදුකෙරිණි.

03 Dec 2025

දිවයිනට පැමිණි ඉන්දීය යුද නෞකා වෙතින් අයහපත් කාලගුණික තත්වයෙන් ආපදාවට පත් ජනතාව වෙත මානුෂීය ආධාර

පසුගියදා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය වෙනුවෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ INS VIKRANT හා INS UDAYGIRI යුද නෞකා වෙතින් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර තොගයක් ලබා දීම 2025 නොවැම්බර් මස 28 වැනි දින සිදුකෙරිණි.

03 Dec 2025