වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඟින් ගාල්ල සහ කුරුණෑගල ප්‍රදේශයේ පාලම් තුල සිරවූ දෑ ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගං වතුර අවධානම වැළැක්වීම සඳහා පූර්ව සූදානමක් වශයෙන්, ගිං ගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ, ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වනලෙස රැඳී ඇති ද්‍රව්‍ය ඉවත්කිරීමේ මෙහෙයුමක්; අගලිය, වඩුවෙලිවිටිය, මුල්කඩ, අවිත්තාව, දොඩන්ගොඩ යන පාලම් ආශ්‍රිතව, 2025 නොවැම්බර් මස 26 සිට 29 වැනි දින දක්වා නාවික හමුදාව මඟින් සිදුකෙරුණු අතර, ගාල්ල අගලිය සහ කුරුණෑගල මානින්ගමුව පාලම් තුල රැඳී ඇති ද්‍රව්‍ය ඉවත්කිරීමේ මෙහෙයුමක් අද දිනයේද (2025 දෙසැම්බර් 04) නාවික හමුදාව මඟින් සිදුකෙරිණි.

04 Dec 2025