වැදගත් සිදුවීම්

ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම වෙනුවෙන් දිවයින පුරා මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අද දිනයේ (2025 දෙසැම්බර් 04) කොළඹ, ගම්පහ, පුත්තලම, අනුරාධපුරය, මන්නාරම, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආපදා සහ සැලසීම හා මානුෂිය ආධාර මෙහෙයුම් සඳහා නාවික හමුදාව දායක විය.

04 Dec 2025

කොත්මලේ රම්බොඩගල, පාළුවත්ත සහ පනන්ගම්මන ගම්මාන වෙත මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමට නාවික හමුදාවේ සහය

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අයහපත් කාළගුණයෙන් ආපදාවට පත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ, රම්බොඩගල, පාළුවත්ත සහ පනන්ගම්මන ජනතාව වෙත වියලි ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, කොත්මලේ ජලාශය ඔස්සේ ප්‍රවාහනය කිරීම සඳහා නාවික හමුදාව අද (2025 දෙසැම්බර් 04) සහය විය.

04 Dec 2025

නාවික හමුදාව මඟින් ගාල්ල සහ කුරුණෑගල ප්‍රදේශයේ පාලම් තුල සිරවූ දෑ ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගං වතුර අවධානම වැළැක්වීම සඳහා පූර්ව සූදානමක් වශයෙන්, ගිං ගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ, ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වනලෙස රැඳී ඇති ද්‍රව්‍ය ඉවත්කිරීමේ මෙහෙයුමක්; අගලිය, වඩුවෙලිවිටිය, මුල්කඩ, අවිත්තාව, දොඩන්ගොඩ යන පාලම් ආශ්‍රිතව, 2025 නොවැම්බර් මස 26 සිට 29 වැනි දින දක්වා නාවික හමුදාව මඟින් සිදුකෙරුණු අතර, ගාල්ල අගලිය සහ කුරුණෑගල මානින්ගමුව පාලම් තුල රැඳී ඇති ද්‍රව්‍ය ඉවත්කිරීමේ මෙහෙයුමක් අද දිනයේද (2025 දෙසැම්බර් 04) නාවික හමුදාව මඟින් සිදුකෙරිණි.

04 Dec 2025