වැදගත් සිදුවීම්

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ සහය

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ ජන ජීවිතය යතාතත්වයට පත්කිරීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අද දිනයේ (2025 දෙසැම්බර් 05) පුත්තලම, අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය, බදුල්ල සහ මුලතිව් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආපදා සහ සැලසීම හා මානුෂිය ආධාර මෙහෙයුම් සඳහා නාවික හමුදාව දායක විය.

05 Dec 2025

අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාදම්පේ ප්‍රදේශයේ ජල නල පද්ධතිය යතාතත්වයට පත්කිරීමට නාවික හමුදා සහය

අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් පොදු ස්ථාන යතාතත්වයට පත්කිරීම වෙනුවෙන්, දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, ජල ගැලීමෙන් හානියට පත්, මාදම්පේ නෙලුම්පොකුන ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදාහරිනු ලබන ජල නල පද්ධතිය පිළිසකර කර නැවත යතාතත්වයට පත් කිරීම අද (2025 දෙසැම්බර් 05) නාවික හමුදා දායකත්වයෙන් සිදුකෙරිණි.

05 Dec 2025

අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාර්ග පිළිසකර කිරීමට නාවික හමුදා සහය

අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාර්ග ඇතුළු පොදු ස්ථාන යතාතත්වයට පත්කිරීම වෙනුවෙන්, දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, ආපදාවට පත් මහනුවර හන්තාන මාර්ගය සහ වත්තේගම හාතලේ මාර්ගය පිළිසකර කිරීම අද (2025 දෙසැම්බර් 05) නාවික හමුදා දායකත්වයෙන් සිදුකෙරිණි.

05 Dec 2025

ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘DECISIVE ’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව නිල වශයෙන් භාර ගනියි

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද, ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘DECISIVE’ නෞකාව (EX USCGC DECISIVE) ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම 2025 දෙසැම්බර් 02 වැනි දින ඇ‍මෙරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ, ‘බැල්ටිමෝර්’ හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක නෞකා අංගනයේදී සිදු කෙරුණු අතර, මේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට පී 628 ධජ අංකය යටතේ 2025 දෙසැම්බර් 02 වැනි දින සිට එක්වන මෙම නෞකාවේ ප්‍රධාන කුඹ ගසෙහි එදින සිට ශ්‍රී ලංකා ජාතික ධජය අභිමානවත්ව ඔසවනු ලබයි.

05 Dec 2025

75 වන නාවික හමුදා සංවත්සරයට සමඟාමීව ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වනු ලබයි. ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, කොළඹ නාවික මහ රෝහල් පරිශ්‍රයේදී සහ උතුරු මැද නාවික රෝහල් පරිශ්‍රයේදී 2025 දෙසැම්බර් මස 02 වැනි දින පැවැත්විණි.

05 Dec 2025