වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 261 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 432ක් විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 261 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය හැත්තෑ හය දෙනෙකු (376) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් පනස් හය දෙනෙකු (56) ඇතුළුව, ආධුනික නාවිකයින් හාරසිය තිස් දෙදෙනෙකු (432) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2025 දෙසැම්බර් මස 06 වැනි දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් සාගර උදයංග ගේ ආරාධනයෙන්, ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් නිශාන්ත රණවීර මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
06 Dec 2025
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ සහය
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අද දිනයේ (2025 දෙසැම්බර් 06) පුත්තලම, අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආපදා සහන සැලසීම හා මානුෂිය ආධාර මෙහෙයුම් සඳහා නාවික හමුදාව දායක විය.
06 Dec 2025


