වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාව 75 වැනි සංවත්සරයට සමඟාමීව නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සිට නිල වශයෙන් ආරම්භ කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරයට සමඟාමීව නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි, අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ තුන්වැනි කොටසෙහි (Block No 3) සිට නිල වශයෙන් ආරම්භ කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ආරාධනයෙන්, ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගූ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, ශ්‍රී ලංකා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හා හිටපු නාවික හමුදාධිපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් යුතුව අද (2025 දෙසැම්බර් 09) අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ, නාවික හමුදා මූලස්ථානයෙහි ඉතාමත් අභිමානවත් අයුරින් සිදුකෙරිණි.
09 Dec 2025
75 වැනි නාවික හමුදා දිනය වෙනුවෙන් ශ්‍රී දළඳා මාලිගාවේ ආගමික වතාවත් සිදුකෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණු අතර, එම ආගමික වැඩසටහන් මාලාවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම 2025 දෙසැම්බර් මස 08 දින සහ දළඳා සමිඳුන් උදෙසා දානමය පුණ්‍යකර්මය පැවැත්වීම අද දින (2025 දෙසැම්බර් 09) සිදුකෙරිණි.
09 Dec 2025
මානුෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුදා නෞකා 04 ක් දිවයිනට පැමිණෙයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුදාවේ, INS GHARIAL යුද නෞකාව සහ ගොඩ බෑමේ නෞකා තුනක් (03), 2025 දෙසැම්බර් මස 07 සහ 08 දින දිවයිනට පැමිණි අතර, ශ්‍රිලංකා නාවික හමුදාව විසින් එම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම ත්‍රිකුණාමලය වරායේදී සහ කොළඹ වරායේදී සිදු කෙරිණි.
09 Dec 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව 75 වැනි සංවත්සරය වෙනුවෙන් නාවික හමුදා පුද්ගලයින් 2086 ක් වෙත උසස්වීම්
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය, නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සමාජ, පාරිසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි 2025 දෙසැම්බර් මස 09 වැනි දින අභිමානවත්ව සමරන ලද අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ නිර්දේශය මත නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
09 Dec 2025


