වැදගත් සිදුවීම්
නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව නාවික හමුදාධිපති වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ රණවිරුවන් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව, වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින නාවික රණවිරුවන් හමු වීම සඳහා අද (2025 දෙසැම්බර් 10) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.
10 Dec 2025
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ සහය
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව පුක්කුලම් ධීවර ගම්මානයේ ජනතාව වෙනුවෙන් සහනාධාර ලබාදීම 2025 දෙසැම්බර් 09 වැනි දින සිදුකෙරුණු අතර, නයාරු කලපුව ඔස්සේ ප්‍රදේශයේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීම යටතේ පුද්ගලයින් හාරසිය පනහක් (450) සහ යතුරුපැදි තිස්තුනක් (33) 2025 දෙසැම්බර් 09 වැනි දින ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
10 Dec 2025
නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 19 වන පාඨමාලාව සඳහා දේශනයක් පවත්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දහනව වැනි (19) මාණ්ඩලික පාඨමාලාව සඳහා දේශනයක් පැවැත්වීම, 2025 දෙසැම්බර් මස 08 වැනි දින එම විද්‍යාලීය ශ්‍රවණාගරයේදී සිදුකෙරිණි.
10 Dec 2025


