වැදගත් සිදුවීම්
ආපදාවට පත් ජනතාව වෙත මානුෂීය ආධාර රැගත් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ICGS SHAURYA නෞකාව දිවයිනට පැමිණෙයි
“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත මානුෂීය ආධාර තොගයක් රැගත් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ICGS SHAURYA නෞකාව, 2025 දෙසැම්බර් මස 15 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදුකෙරිණි.
16 Dec 2025
උතුරු ප්‍රදේශයේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ ප්‍රාදේශීය ගැටළු සඳහා අන්තර් සම්බන්ධීකරණ ප්‍රවිශ්ඨයක්
උතුරු ප්‍රදේශයේ සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සහ පවත්නා කාලගුණික තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ බහු ආයතන සම්බන්ධීකරන රැස්වීමක්, 2025 දෙසැම්බර් මස 10 වැනි දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් සහ යාපනය දිස්ත්‍රීක් ලේකම් එම් පිරතීපන් මහතා, උතුරු පලාතේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පලාත් මාර්ග සංවර්ධන, ආපදා කළමනාකරණ, ධීවර හා ජලජ සම්පත්, විදුලිබල, රේගු සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උතුරු නාවික විධාන මූලස්ථානයේදී පැවැත්විණි.
16 Dec 2025
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ මධ්‍ය නිලධාරීන් 61 ක් සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන් 08 ක් අධිකාරියට පත් කිරීම හා විසිර යාම ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 40 වැනි බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් තිස්තුන් දෙනෙකු (33), ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 65 වැනි ශිෂ්‍යභට බඳවාගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසිඅට දෙනෙකු (28) සහ 2024 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන් අට දෙනෙකු (08) විසිර යාම හා අධිකාරියට පත් කිරීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් මස 13 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.
16 Dec 2025


