වැදගත් සිදුවීම්
නාවික හමුදා නිලධාරීන් 25 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 19 වැනි මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල දහනව වැනි (19) පාඨමාලාවට අයත් නිලධාරීන් වෙත සහතික හා කුසලාන ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙණවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී, 2025 දෙසැම්බර් මස 16 වැනි දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහභාගී විය.
17 Dec 2025
නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද මුහුදු මාර්ග නීති, දෘශ්‍ය සංඥා සහ ප්‍රායෝගික ගැට පිළිබඳ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්ත නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති (ROR), දෘශ්‍ය මාධ්‍ය සංඥා (Semaphore & Flashing) සහ ප්‍රායෝගික ගැට ගැසිමේ (Rigging) තරඟාවලිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් මස 14 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
17 Dec 2025
නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් වයඹ විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වන ලද අතර, ඒ යටතේ සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, වයඹ විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී 2025 දෙසැම්බර් මස 15 වැනි දින පැවැත්විණි.
17 Dec 2025
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පො/ කවුඩුලුවැව මහින්ද මහා විද්‍යාලයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 දෙසැම්බර් මස 15 වැනි දින සිදුකෙරිණි.
17 Dec 2025
නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් උතුරු විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වන ලද අතර, ඒ යටතේ සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, උතුරු විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී 2025 දෙසැම්බර් මස 06 වැනි දින පැවැත්විණි.
17 Dec 2025


