අධික වර්ශාපතනය හේතුවෙන් මහවැළි ගඟේ ජල මට්ටම ඉහල යෑමෙන්, ජලයේ ගසාගෙන පැමිණි විශාල දැව කඳන් සහ උනපඳුරු ඇතුළු අවශේෂ, පේරාදෙණිය ගැටඹේ දියකපනාතොට සහ ලේවැල්ල පාලම් තුල සිරවී, එම පාලම් ඔස්සේ ජලය ක්‍රමවත්ව බැස යාමට ඇතිවු අවහිරතා ඉවත් කිරීම වෙනුවෙන් නාවික හමුදා කිමිදුම් සහය හා ශිල්පීය දායකත්වය ලබාදීම 2025 දෙසැම්බර් මස 19 දින සිදුකෙරිණි.