වැදගත් සිදුවීම්
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල අද (2025 දෙසැම්බර් 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
23 Dec 2025
නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කරමින් ඉදිකල නිවාඩු නිකේතන විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන්, දියතලාව නාවික නිවාඩු නිකේතන පරිශ්‍රයේ නවීකරණය කර සංවර්ධනය කල කණිෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය සහ පුහුණුවන නාවිකයින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල නිවාඩු නිකේතනය විවෘත කිරීම, 2025 දෙසැම්බර් මස 22 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
23 Dec 2025


