වැදගත් සිදුවීම්
නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා 2025 දෙසැම්බර් මස 23 වැනි දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද (2025 දෙසැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා වෙත නිල වශයෙන් ප්රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
24 Dec 2025
ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ පුත්තලම, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය, පාසල් උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා 2025 දෙසැම්බර් මස 19 වැනි දින නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.
24 Dec 2025
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් පාසල් හා පෙර පාසල් නැවත පිළිසකර කිරීමේ ‘නැණ දිරි මෙහෙයුම’ සඳහා නාවික හමුදාව දායක වෙයි
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හා පෙර පාසල් නැවත පිළිසකර කිරීම වෙනුවෙන්, ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025 දෙසැම්බර් මස 20 සිට 27 දක්වා සතියක කාලයක් තුල ක්‍රියාවට නංවා ඇති, ‘නැණ දිරි මෙහෙයුම’ සඳහා දායකවන ශ්‍රී ලංකා නාවික හමුදාව, බදුල්ල සහ මහියංගන අධ්‍යපන කලාපයේ හානියට පත් පාසල් පිලිසකර කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.
24 Dec 2025
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරයට සමඟාමීව වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු කෙරිණි. ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් 2025 දෙසැම්බර් මස 23 දින යාපනය පලාලි උතුර රජයේ දෙමළ මිශ්‍ර පාසලේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
24 Dec 2025


