වැදගත් සිදුවීම්
ශ්රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්
ශ්රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරිණි. ඒ යටතේ නාවික හමුදාවට සහ දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 27 වැනි දින නාවික හමුදාධිපතිගේ ප්රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
28 Dec 2025
75 වැනි නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් ගාලුමුවදොර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ශ්රී ලංකා නාවික හමුදා 75 වැනි සංවත්සරයට සමගාමීව බටහිර නාවික විධානය මඟින් ගාලුමුවදොර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික පුද්ගලයන්ගේ ශ්රම දායකත්වයෙන් 2025 දෙසැම්බර් මස 27 වැනි දින සිදුකෙරිණි.
28 Dec 2025


