වැදගත් සිදුවීම්
සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ අභිනව ආඥාපති ලෙස පත්වූ, මේජර් ජෙනරාල් විජයනාත් ජයවීර අද (2026 ජනවාරි 09) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
09 Jan 2026
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ 1146 වෙනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානය මාතලේ ලග්ගලදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලක්සිරිපුර ගම්මානයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2026 ජනවාරි මස 07 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
09 Jan 2026
නයාරු කලපුව ඔස්සේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කල මෙහෙයුම සාර්ථකව අවසන් වෙයි
පැවති අයහපත් කාලගුණය හේතුවෙන් බිඳවැටුණු නයාරු පාලම යතාවත් කිරීම සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශයේ ජනතාව වෙත, එම කලපුව ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසිම වෙනුවෙන් 2025 නොවැම්බර් මස 29 වන දින නාවික හමුදාව විසින් ආරම්භ කල විශේෂ බෝට්ටු සේවාව, 2026 ජනවාරි මස 06 දින සාර්ථකව නිමාවට පත්විය.
07 Jan 2026
75 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් නැගෙනහිර විධාන රෝහල් පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වන ලද අතර, ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී 2026 ජනවාරි මස 03 දින පැවැත්වීමට නාවික හමුදා විසින් කටයුතු සංවිධානය කෙරිණි.
07 Jan 2026
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනියි
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය 2026 ජනවාරි මස 06 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
06 Jan 2026
වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියකුට ප්‍රතිකාර ලබාදීමට නාවික හමුදා සහය
අම්පාර පානම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතනයට යාබද කුමන අභය භූමියේ සැරිසරමින් සිටි වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියෙකු වෙත අවශ්‍ය ප්‍රථිකාර කිරීම සඳහා වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත නාවික හමුදා සහය ලබා දීම 2026 ජනවාරි මස 04 දින සිදු කෙරිණි.
06 Jan 2026
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් හානියට පත් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගය පිළිසකර කිරීමට නාවික හමුදා සහය
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි පාලම්, මාර්ග, නිවාස, පානීය ජල ළිං සහ පොදු ස්ථාන පිරිසිදු කිරීමේ හා පිළිසකර කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර, ඒ යටතේ; ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගයේ මහගිරිදඹේ ප්‍රදේශයේ ආපදාවට පත් පියගැට පෙළ පිළිසකර කිරීම සඳහා ත්‍රිවිද හමුදාවේ දායකත්වයෙන් සිදුකෙරෙණ ප්‍රථීසංස්කරණ ක්‍රියාදාමය සඳහා නාවික හමුදා සහය ලබාදීම 2025 දෙසැම්බර් මස 31 දින සිදුකෙරිණි.
05 Jan 2026
‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නාවික පුද්ගලයන්ගේ දිනක වැටුප පරිත්‍යාග කෙරේ
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් 'Rebuilding Sri Lanka' අරමුදල වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තුවේ සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ 2025 දෙසැම්බර් මස දිනක වැටුප, 2025 දෙසැම්බර් මස 31 වැනි දින බැර කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
05 Jan 2026
නාවික හමුදාව බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ස්ථාපිත කරයි
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් බදුල්ල දිස්ත්‍රීක්කයේ මහියංගනය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසය සහ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ අඹන්පොල, ගල්ගමුව හා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් (04) 2025 දෙසැම්බර් මස 29 සහ 30 දින ජනතා අයිතියට පත් කෙරිණි.
02 Jan 2026
ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී 2026 නව වසරේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, උදා වූ 2026 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීම, අද දින (2026 ජනවාරි 01) රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව සිදුකෙරුණු අතර, ඊට සමගාමීව නාවික හමුදාවේ සියළුම නාවික විධානයන්ට අයත් නෞකා සහ ආයතන තුල රාජ්‍ය ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරිණි.
01 Jan 2026


