වැදගත් සිදුවීම්

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් හානියට පත් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගය පිළිසකර කිරීමට නාවික හමුදා සහය

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි පාලම්, මාර්ග, නිවාස, පානීය ජල ළිං සහ පොදු ස්ථාන පිරිසිදු කිරීමේ හා පිළිසකර කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර, ඒ යටතේ; ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගයේ මහගිරිදඹේ ප්‍රදේශයේ ආපදාවට පත් පියගැට පෙළ පිළිසකර කිරීම සඳහා ත්‍රිවිද හමුදාවේ දායකත්වයෙන් සිදුකෙරෙණ ප්‍රථීසංස්කරණ ක්‍රියාදාමය සඳහා නාවික හමුදා සහය ලබාදීම 2025 දෙසැම්බර් මස 31 දින සිදුකෙරිණි.

05 Jan 2026

‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නාවික පුද්ගලයන්ගේ දිනක වැටුප පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් 'Rebuilding Sri Lanka' අරමුදල වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තුවේ සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ 2025 දෙසැම්බර් මස දිනක වැටුප, 2025 දෙසැම්බර් මස 31 වැනි දින බැර කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

05 Jan 2026