වැදගත් සිදුවීම්

නයාරු කලපුව ඔස්සේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කල මෙහෙයුම සාර්ථකව අවසන් වෙයි

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් බිඳවැටුණු නයාරු පාලම යතාවත් කිරීම සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශයේ ජනතාව වෙත, එම කලපුව ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසිම වෙනුවෙන් 2025 නොවැම්බර් මස 29 වන දින නාවික හමුදාව විසින් ආරම්භ කල විශේෂ බෝට්ටු සේවාව, 2026 ජනවාරි මස 06 දින සාර්ථකව නිමාවට පත්විය.

07 Jan 2026

75 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් නැගෙනහිර විධාන රෝහල් පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වන ලද අතර, ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී 2026 ජනවාරි මස 03 දින පැවැත්වීමට නාවික හමුදා විසින් කටයුතු සංවිධානය කෙරිණි.

07 Jan 2026