වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු මැතිව් ඩක්වර්ත් මහතා (Mr Matthew Duckworth) නිල හමුවක් සඳහා 2026 ජනවාරි මස 30 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

31 Jan 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව ජල මානක ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක ප්‍රධානී ලෙස පත් වූ රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවා කාර්යාලයේදි (SLNHS) 2026 ජනවාරි මස 01 වැනි දින වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

31 Jan 2026