වැදගත් සිදුවීම්
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 27 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම ත්‍රිකුණාමලය වරායේදී සිදුකෙරිණි.
27 Feb 2026
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බයව ග්‍රාමයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෝනුමැරුවැව ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත්කිරීම 2026 පෙබරවාරි මස 24 සහ 25 යන දෙදින තුල සිදුකෙරිණි.
27 Feb 2026
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට අභිනවයෙන් එක්වූ ‘පී 628’ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව එක්සත් ජනපදයේ ‘බැල්ටිමෝර්’ සිට කොළඹ බලා පිටත් වෙයි
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආරක්‍ෂක සහයෝගීතාවය ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පසු ගිය 2025 දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් භාර දෙන ලද P 628, ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවන්ට අනුව නවීකරණයෙන් අනතුරුව, එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ, ‘බැල්ටිමෝර්’ හි එක්සත් ජනපද වෙරළාරක්‍ෂක නෞකා අංගනයේ සිට කොළඹ බලා 2026 පෙබරවාරි මස 20 වැනි දින ගමන් ආරම්භ කෙරිණි.
23 Feb 2026
ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
ඉන්දීයානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණ - 2026, සහ MILAN - 26 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය ඉන්දියාවේ විසාකාපට්නම් වරාය ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින්, 2026 පෙබරවාරි මස 18 වැනි දින සිට 26 වැනි දින දක්වා පැවැත්වේ. 2026 පෙබරවාරි මස 18 වන දින නැගෙනහිර ඉන්දීය මුහුදු ප්‍රදේශයේදී පැවති මෙම බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයේ ප්‍රමුඛ අංගයක් වන ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර නෞකා ද්විත්වය ද එක්විය. තවද, එම අවස්ථාව සඳහා ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් Dinesh K Tripathi ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී වු අතර, කලාපීය හා ගෝලීය රාජ්‍යයන් නියෝජනය කරමින් පැමිණි යුද නෞකා නිරීක්‍ෂණය ඉන්දීය ගරු ජනාධිපතිනිය විසින් සිදුකෙරිණි.
22 Feb 2026
එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 19 වැනි දින දිවයිනට පැමිණි, එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී, අද්මිරාල් Stephen T. Koehler අද දින (2026 පෙබරවාරි 20) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
21 Feb 2026
“සමනොළ සිරි – හරිත වන්දනා” ජාතික වැඩසටහනට නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය සහ පරිසර අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන “සමනොළ සිරි – හරිත වන්දනා” ජාතික වැඩසටහන යටතේ නල්ලතන්නියේ සිට සිරිපා මළුව දක්වා පරිසරයට හානිවන ලෙස බැහැරකරන ලද කසළ ඉවත් කිරීමේ වැඩසටහන සඳහා 2026 පෙබරවාරි 19 වන දින ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
21 Feb 2026
හදිසි ගිණි ගැනීමකදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද හා ඒ සඳහා සූදානම ශක්තිමත් කිරීම වෙනුවෙන් විස්තීර්ණ ගිණි ප්‍රතිචාර පුහුණුවක්
මැරීන් බලකා නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් පැවැත්වූ ගොඩනැගිලි ගිනි නිවීමේ සහ කඹ ආධාරයෙන් ගලවා ගැනීමේ විශේෂිත පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක ගිනි නිවීමේ පුහුණු පාසලේදී 2026 ජනවාරි මස 30 දින සාර්ථකව අවසන් විය.
21 Feb 2026
ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යර්ථීන්ගේ 09 වන වාර්ෂික අධ්‍යන සැසිවාරය සාර්ථකව නිමාවට පත්වේ
ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව 2016 මාර්තු 18 වන දින පිහිටුවන ලද ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය විද්‍යාලය (SLCOMM), මෙරට හමුදා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ආරම්භයේ සිටම සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි. හමුදා වෛද්‍ය සහ දන්ත වෛද්‍යවරුන්ගේ සායනික කුසලතා, වෘත්තීය දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා කැපී පෙනෙන වේදිකාවක් සපයන මෙම විද්‍යාලය, අද වන විට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සහ දන්ත නිලධාරීන් 400කට වැඩි පිරිසකගෙන් සමන්විත වේ. මෙය ජාතික ආරක්‍ෂක සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ආයතනයක් ලෙස ද හඳුනාගත හැකිය.
16 Feb 2026
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 262 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 363ක් විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 262 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය පහක් (305) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් පනස් අට දෙනෙකු (58) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැටතුන් දෙනෙකු (363) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2026 පෙබරවාරි මස 13 වැනි දින ගාල්ල, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් රසික පියසේනගේ ආරාධනයෙන්, මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාර මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
14 Feb 2026
රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘SADH’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීමෙන් පසු දිවයිනෙන් පිටත් වෙයි
2026 පෙබරවාරි මස 10 වැනි දින සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘SADH’ යුද නෞකාව 2026 පෙබරවාරි මස 12 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
13 Feb 2026


