වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඟින් ධීවර ප්‍රජාව සඳහා මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධීවර ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ මූලික ප්‍රථමාධාර සහ ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක් 2026 පෙබරවාරි මස 02 වැනි දින ත්‍රීකුණාමලය කොඩ්බේ ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්විණි.
08 Feb 2026
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2026 පෙබරවාරි මස 04 වැනි දින, සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් 2026 පෙබරවාරි 06 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
08 Feb 2026


