වැදගත් සිදුවීම්

MILAN - 26 හා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය 2026 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර දිවයිනෙන් පිටත්වෙයි

ඉන්දීයානු නාවික හමුදාව විසින් 13 වැනි වරට සංවිධානය කරනු ලබන MILAN - 26 හා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2026, බහුපාර්ශික නාවික අභ්‍යාසය , මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2026 පෙබරවාරි මස 18 වැනි දින සිට 26 වැනි දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර නෞකා ද්විත්වය 2026 පෙබරවාරි මස 11 වැනි දින කොළඹ වරායෙන් දිවයිනෙන් පිටත් විය.

12 Feb 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක කාලයකදී ඇමෙරිකානු ඩොලර් 598,250 ක විදේශීය විනිමය උපයයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු (Onboard Security Team - OBST) ස්වාධීනව සිදුකිරීම 2025 ඔක්තෝබර් මස 03 වන දින ආරම්භ කල අතර, ගත වු මාස හතරක (04) කාලය තුල සිදුකල එම මෙහෙයුම් 323ක් මඟින්, ඇමෙරිකානු ඩොලර් 598,250ක විදේශීය විනිමය සෘජුවම උපයා, එම ආදායම ජාතික සුභසිද්ධිය වෙනුවෙන් ලබා දීමට සමත් විය. මේ සම්භන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්ගේ ප්‍රධානත්වයෙන් 2026 පෙබරවාරි මස 11 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුවේදී පැවැත්විණි.

12 Feb 2026