වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 262 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 363ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 262 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය පහක් (305) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් පනස් අට දෙනෙකු (58) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැටතුන් දෙනෙකු (363) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2026 පෙබරවාරි මස 13 වැනි දින ගාල්ල, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් රසික පියසේනගේ ආරාධනයෙන්, මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාර මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

14 Feb 2026