වැදගත් සිදුවීම්

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 19 වැනි දින දිවයිනට පැමිණි, එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී, අද්මිරාල් Stephen T. Koehler අද දින (2026 පෙබරවාරි 20) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

21 Feb 2026

“සමනොළ සිරි – හරිත වන්දනා” ජාතික වැඩසටහනට නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය සහ පරිසර අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන “සමනොළ සිරි – හරිත වන්දනා” ජාතික වැඩසටහන යටතේ නල්ලතන්නියේ සිට සිරිපා මළුව දක්වා පරිසරයට හානිවන ලෙස බැහැරකරන ලද කසළ ඉවත් කිරීමේ වැඩසටහන සඳහා 2026 පෙබරවාරි 19 වන දින ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් ක‍ටයුතු කෙරිණි.

21 Feb 2026

හදිසි ගිණි ගැනීමකදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද හා ඒ සඳහා සූදානම ශක්තිමත් කිරීම වෙනුවෙන් විස්තීර්ණ ගිණි ප්‍රතිචාර පුහුණුවක්

මැරීන් බලකා නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් පැවැත්වූ ගොඩනැගිලි ගිනි නිවීමේ සහ කඹ ආධාරයෙන් ගලවා ගැනීමේ විශේෂිත පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක ගිනි නිවීමේ පුහුණු පාසලේදී 2026 ජනවාරි මස 30 දින සාර්ථකව අවසන් විය.

21 Feb 2026