වැදගත් සිදුවීම්
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් දින මාර්ග ධාවනය - 2026 කොළඹ ගාලු මුවදොරදී සාර්ථකව පවත්වයි
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (International Military Sports Council) දින සැමරුම් මාර්ග ධාවනය - 2026, ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ ප්‍රධානත්වයෙන් අද (2026 මාර්තු 07) උදෑසන කොළඹ ගාලු මුවදොර පිටිය ආශ්රිත මාර්ගයේදි සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
07 Mar 2026
ජපාන ස්වයං ආරක්ෂක සමුද්‍රීය බලකායට අයත් යුද නෞකාවක කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවික හමුදා සහයෙන් ගොඩබිමට රැගෙන එයි
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන්වූ බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ජපාන ස්වයං ආරක්ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” නෞකාවේ, වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට 2026 මාර්තු මස 06 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
07 Mar 2026


