වැදගත් සිදුවීම්
නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ උතුරු ධීවර ප්‍රජාව පෙරමුණ ගනී
නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව උතුරු පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ හා උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2026 මාර්තු මස 10 වැනි දින උත්තර ආයතනයේදී පැවැත්විණි.
14 Mar 2026
වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියෙකුට ප්‍රතිකාර ලබා දීමට නාවික හමුදා සහය
අම්පාර පානම ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතන පරිශ්‍රයට අයත් භූමි ප්‍රදේශයේ සැරිසරමින් සිටි වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියෙකු වෙත අවශ්‍ය ප්‍රථිකාර කිරීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නාවික හමුදා සහය ලබා දීම, 2026 මාර්තු මස 10 වැනි දින සිදු කෙරිණි.
14 Mar 2026


