වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) ගිනස් ලෝක වාර්තාවක් පිහිටු වීම සඳහා දිවීම ආරම්භ කරයි

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 48ක කාලයක් එක දිගට දිවීමෙන් ගි‍නස් ලෝක වාර්තාවක් (01) පිහිටුවීම සඳහා රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අද (2026 මාර්තු 20) 1000 පැයට කොළඹ නාවික අනුඛණ්ඩයේදී, ලෝක වාර්තා පිහිටුවීම සම්බන්ධ ආයතනයේ අධික්‍ෂණයෙන් දිවීම ආරම්භ කෙරණු අතර, එම අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා සමඟ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

20 Mar 2026

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක දූත පිරිසක් ජපානයේදී විශේෂ සාකච්ඡාවල නිරත වෙයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක දූත පිරිසක් ජපානයේ දෙදින නිල සංචාරයක නිරත වුහ. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව සහ සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධ උපායමාර්ගික සබඳතා යළි තහවුරු කෙරිණි.

20 Mar 2026

විශේෂ නියෝජිත ගෝර් මහතා, ගජබාහු නෞකාවේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවිය

විශේෂ නියෝජිත ගෝර් මහතා, SLNS ගජබාහු නෞකාවේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හමුවිය. කලින් එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ කොටසක් වූ සහ දැන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවයේ නියුතු මෙම නෞකාව, අප අතර පවතින දිගුකාලීන සමුද්‍රීය හවුල්කාරිත්වයේ ශක්තිය සංකේතවත් කරයි. එසේම, සිව්වන මින් පෙර එක්සත් ජනපද වෙරළාරක්ෂක කටර් නෞකාවක් වන ex-Decisive නෞකාව පැසිෆික් සාගරය හරහා දැන් ශ්‍රී ලංකාව වෙත ගමන් කරමින් සිටින අතර, එය අපගේ සමුද්‍රීය ආරක්ෂක හවුල්කාරිත්වය සහ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

20 Mar 2026