යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) එක දිගට දිවීමෙන් ගිනස් ලෝක වාර්තා තුනක් (03) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) විසින් 2026 මාර්තු මස 20 වැනි දින ධාවනය ආරම්භ කෙරිණි. අද (2026 මාර්තු 22) උදෑසන වන විට පැය 48ක කාලයක් අඛණ්ඩව ධාවනයේ යෙදීම සාර්ථකව අවසන් කළ ඔහු, නව ගිනස් ලෝක වාර්තා 03ක් පිහිටුවීමට සුදුසුකම් ලැබීය. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නාවික හමුදාව විසින් අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කෙරිණි.