වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු නව මහ කොමසාරිස් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහ කොමසාරිස් මේජර් ජෙනරල් නයාර් නසීර් (විශ්‍රාමික) අද (2026 අප්‍රේල් 29) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
29 Apr 2026
පුහුණු වැඩ සටහනක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ නෞකාව පුහුණු වැඩසටහනක් සඳහා 2026 අප්‍රේල් මස 21 වැනි දින දිවයිනට පැමිණි අතර, පුහුණු වැඩසටහන අවසන් කරමින්, එම නෞකාව 2026 අප්‍රේල් මස 28 වැනි දින දිවයිනෙන් පිටත් විය. ‘INS NIREEKSHAK’ නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
29 Apr 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 263 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 373ක් නාවික හමුදා සේවයට එක්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 263 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයන් දෙසීය තිහක් (230) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය හතලිස් තුනක් (143) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැත්තෑ තුන් දෙනෙකු (373) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2026 අප්‍රේල් මස 27 වන දින ගාල්ල, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් රසික පියසේනගේ ආරාධනයෙන්, මෙම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා, රියර් අද්මිරාල් ජනක මාරඹගේ සහභාගී විය.
28 Apr 2026
දකුණු මුහුදේදී ආබාධයට ලක් වූ ධීවරයෙකු නාවික හමුදාව මඟින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කෙරේ
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ආබාධිත තත්ත්වයට පත්වු ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC) සම්බන්ධීකරණයෙන්, නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් 2026 අප්‍රේල් මස 25 වැනි දින කටයුතු කෙරිණි.
26 Apr 2026
නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ මෙහෙයුම්, සුභසාධන හා කෘෂි ව්‍යාපෘති නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2026 අප්‍රේල් මස 18 සහ 19 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සුභසාධන හා කෘෂි ව්‍යාපෘති කටයුතු නිරීක්‍ෂණය කර, එම කටයුතු වඩාත් කාර්යක්‍ෂම හා ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුකෙරිණි.
23 Apr 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය සමාජයෙන් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික වැඩසටහනට නාවික හමුදාව ලබාදෙන සක්‍රීය දායකත්වය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට
රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාරව සෑම පුරවැසියෙකුටම ‘ගෞරවණීය ජීවිතයක් - සුරක්‍ෂිත රටක්’ තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියක් වන ‘රටම එකට’ ජාතික වැඩසටහනට පූර්ණ ශක්තියක් වෙමින්, මෙරට වෙළාගෙන ඇති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය සමාජයෙන් මුලිනුපුටා දැමීම උදෙසා ශ්‍රී ලංකා නාවික හමුදාව අතිමහත් කැපවීමකින් යුතුව සිය සක්‍රීය දායකත්වය ලබා දෙමින් සිටියි. විශේෂයෙන්ම, ජාතියේ මතු පරපුර මෙම මාරාන්තික උවදුරින් ආරක්‍ෂා කරගැනීමේ උදාර අරමුණ පෙරදැරිව, නාවික හමුදාව සියලු සම්පත් හා ශ්‍රම දායකත්වය මැනවින් කළමනාකරණය කරමින් ඉතා කාර්යක්‍ෂම සහ පුළුල් මෙහෙයුම් ජාලයක් දිවයින වටා ඇති සාගර කලාපය මෙන්ම ගොඩබිම් ප්‍රදේශ ද ආවරණය වන පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
21 Apr 2026
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව පුහුණු වැඩ සටහනක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක් පැවැත්වීම සදහා අද (2026 අප්‍රේල් 21) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.
21 Apr 2026
නාවික හමුදාව, ආරක්‍ෂිත මුහුදු මඟී ප්‍රවාහන සේවයක් වෙනුවෙන් යාත්‍රා හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් දැනුවත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව, ආරක්‍ෂිත හා කාර්යක්‍ෂම මුහුදු මඟී ප්‍රවාහන සේවයක් සැපයීමේ අරමුණින් මඟී ප්‍රවාහන යාත්‍රා හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2026 අප්‍රේල් මස 17 වැනි දින යාපනයේ කුරිකඩ්ඩුවාන් ජැටියේදී සාර්ථකව පැවැත්වීය.
20 Apr 2026
සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
2026 අප්‍රේල් මස 15 වැනි දින සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාව සුහද සංචාරය සාර්ථකව අවසන් කරමින් 2026 අප්‍රේල් මස 18 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
19 Apr 2026
සමුද්‍රීය සහයෝගීතාවය සහ නාවික සම්ප්‍රදායන් විදහා දක්වමින් ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු නාවික හමුදා සහභාගීත්වයෙන් උත්කර්ෂවත් නගර පෙළපාළියක් ගාලු මුවදොරදී
සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාවේ නැව් මුළුව සහ ශ්‍රි ලංකා නාවික හමුදා සහභාගීත්වයෙන් උත්කර්ෂවත් සංස්කෘතික සංදර්ශණයක් හා නගර පෙළපාලියක් ගාලු මුවදොරදී 2026 අප්‍රේල් මස 16 වැනි දින පැවැත්විණි.
18 Apr 2026


