වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ ආගමික වැඩසටහන් මාලාවක්
යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ 2026 අප්‍රේල් මස 02 සහ 03 දෙදින පුරා පැවති ආගමික ආගමික වැඩසටහන් මාලාවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වය ලබා දීමට කටයුතු කෙරිණි. ඒ අනුව, නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණයෙන් 2026 අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ සුමධුර ධර්මදේශනාවක් පැවැත්වීමෙන් අනතුරුව, 2026 අප්‍රේල් මස 03 වන දින ගරුතර මහා සංඝරත්නයේ තිස් දෙනමක් (32) වෙනුවෙන් දහවල් දානය සහ පිරිකර පූජා කිරීමද සිදුකෙරිණි
07 Apr 2026
නාවික හමුදාවේ මූලිකත්වයෙන් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් කොළඹ වරාය UCT ජැටියේදී සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) උපද්‍රව අවස්ථාවන්හිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ පුහුණු අභ්‍යාසයක්, 2026 මාර්තු 31 වන දින කොළඹ වරායේ යුනිටි බහාලුම් පර්යන්ත (UCT) ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
07 Apr 2026


