වැදගත් සිදුවීම්
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
ASEAN Plus Cadet Sail (APCS) – 2026 වැඩසටහන යටතේ ඉන්දුනීසියානු නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළුව විදේශීය රටවල් විසිහයක (26) ශිෂ්‍යභට නිලධාරීන් සමඟ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2026 අප්‍රේල් 15) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.
15 Apr 2026
සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් දිවයිනෙන් පිටත්වෙයි
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් සුහද සංචාරයක් සඳහා 2026 අප්‍රේල් මස 12 වැනි දින දිවයිනට පැමිණි අතර, සුහද සංචාරය අවසන් කරමින්, එම නෞකාවන් 2026 අප්‍රේල් මස 13 වැනි දින දිවයිනෙන් පිටත් විය. ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’නෞකාවන් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
15 Apr 2026


