වැදගත් සිදුවීම්

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තු නියෝජිතයන් පිරිසක් නාවික හමුදා CBRN ඒකකයන්හී නිල සංචාරයක

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික න්‍යෂ්ටික ආරක්‍ෂක පරිපාලන කාර්යාලයෙහී නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ටික උපද්‍රව සඳහා ප්‍රතිචාර දැක්වීමේ (CBRN) ඒකකයන් ඇතුළුව විශේෂ යාත්‍රා බලඝන මූලස්ථනයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. 2026 මාර්තු මස 27 සිට 30 වන දින දක්වා පැවති මෙම වැඩසටහන අතරතුරදී ඔවුන් විසින් පරිත්‍යාග කරන ලද න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ උපකරණයන්හී ක්‍රියාකාරිත්වය සම්බන්ධවද නිරීක්‍ෂණය කෙරිණි.

16 Apr 2026

නාවික හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ ධිවර ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ජීවිතාරක්‍ෂක සහ මූලික ප්‍රථමාධාර වැඩසටහනක් සාර්ථකව පවත්වයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධිවර ප්‍රජාවගේ සහභාගීත්වයෙන් මුහුදේදී ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය ජීවිතාරක්‍ෂක හා මූලික ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2026 අප්‍රේල් 09 දින යාපනය මයිලඩි ධීවර වරායේදී වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ එක්ව සාර්ථකව පැවැත්වීය.

16 Apr 2026

නාවික මහ රෝහලෙහි නේවාසික රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් නාවික හමුදා සංගමය වෙතින් ප්‍රදානයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය මඟින්, නාවික මහ රෝහල කොළඹහී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ භාවිතය සඳහා අත්‍යවශ්‍ය ඇදුම් කට්ටල, ඇඳ ඇතිරිලි සහ කොට්ට උර තොගයක් 2026 අප්‍රේල් මස 07 වැනි දින, එම රෝහල් පරිශ්‍රයේදී පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

16 Apr 2026